ටෙස්ලා සමාගම පෞද්ගලික සමාගමක් බවට පත්කරන බවට වංචාවක් කරමින් සමාගමේ කොටස් අගය වැඩිකර ගැනීමට උත්සාහ කළ එහි ප්‍රධානී එලොන් මස්ක්ට සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජනපදයේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් එලොන් මස්ක්ස් වංචාවක් සිදුකර ඇති බවට නිවේදනය කිරීමත් සමග ඔහුට සභාපති ධුරය අත්හැරීමට මෙන්ම දඩයකටද යටත් වීමට සිදුවනු ඇති බව කියවුණි.
කෙසේ වෙතත්, ඔහුට තවදුරටත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ පමණක් රැඳී සිටිය හැකි අතර, සභාපති ධුරය වසර තුනකට අත්හැරීමට සිදුවනු ඇත.
එමෙන්ම, ටෙස්ලා සමාගමට මෙන්ම එලොන් මස්ක්ට ඇ.ඩො.මිලියන 20ක දඩයක් ගෙවීමටද සිදුවනු ඇත.
තම ඉලෙක්ට්‍රික් මෝටර් රථ සමාගම කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කර පෞද්ගලික සමාගමක් බවට පත්කරන බවට ඔහු පසුගිය අගෝස්තු මාසයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
මේ සඳහා අවශ්‍ය අරමුදල් තමන් සම්පාදනය කරන් බවත්, මේ සමගම සමාගමේ කොටසක අගය ඇ.ඩො.420ක් පමණ වනු ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.
මෙම ට්විටර් පණිවුඩයත් සමග සමාගමේ කොටස් අගය තරමක් ඉහළ ගිය අතර, පසුව යළිත් කඩා වැටීමක් දක්නට ලැබුණි.
ඒ අනුව, එලොන් මස්ක් හිතාමතාම තම සමාගමේ කොටස් අගය වැඩිකර ගැනීමේ අරමුණින් වංචා සහගත ලෙස නොමග යවනසුළු තොරතුරක් සිය කොටස් හිමියන්ට හා සමාජයට ලබාදී ඇති බව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසයි.