ලෝකයේ විශාලතම ලෝම ප්‍රමාණයක් දරා සිටි බැටළුවා ලෙස නම් දැරූ ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් සිය දිවි ගමනට සමුදී තිබේ.
2015 වසරේදී ලෝකයේ මහත් කතාබහට ලක්වූ මෙම බැටළුවාගේ ශරීරයේ වූ දැවැන්ත ලෝම ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව එය කිලෝග්‍රෑම් 41.1ක් ලෙස සටහන් විය.
නිව් සවුත්වේල්ස් හි ඉන් අනතුරුව දිවි ගෙවූ ක්‍රිස් වයෝවෘද්ධභාවය නිසාම සිය දිවිගමනට සමුදුන් බව ඌ රැකබලා ගත් පිරිස් සඳහන් කළහ.
මිය යනවිට ඌගේ වයස අවුරුදු 10ක් පමණ වූ බව සඳහන් වූ අතර, මෙවැනි බැටළුවෙකුගේ සාමාන්‍ය වයස් සීමාව ලෙස එය සැලකෙයි.