සාම්ප්‍රදායික ඉන්දියානු ආහාර මෙන්ම, තමාටම අවේණික ක්‍රමයට ආහාර වර්ග පිසින ආකාරය කියාදෙමින් යූටියුබ් ජාලය තුළ ඉමහත් ජනාදරයට පත්ව සිටි 107 හැවිරිදි මස්තනම්මා දිවියෙන් සමුගෙන තිබේ.
දකුණු ඉන්දියාවේ විසූ ඇය වෙනුවෙන් ඇගේ මුණුපුරා සහ ඔහුගේ මිත්‍රයෙකු විසින් 2016 වසරේදී බිහිකළ 'කන්ට්‍රි ෆුඩ්' නැමති යූටියුබ් චැනලය වෙත මිලියන ගණනක ග්රාහක පිරිසක් මේ වනවිටත් සිටිති.
මුඛයේ දත් නොමැති ඇය පාන ඒ සිනහව මෙන්ම, ඇයගේ අතින් පිසෙන කොමඩු සහ කුකුල් මස් ව්‍යාංජනය, වම්බටු සහ මාළු ව්‍යාංජනය ඇයගේ ග්රාහකයන් අතර අතශය ජනාදරයට පත්වී ඇත.
පසුගිය දෙසැම්බර් 03 වැනිදා ඇය ජීවිතයෛන් සමුගත් බව නිල වශයෙන් දැනුම් දෙන ලද්දේද, ඇයගේ යූටියුබ් චැනලය හරහාය. ඒ සමගම බොහෝ ග්රාහකයන් ඇය වෙනුවෙන් සිය ශෝකය පළ කිරීමට ඉදිරිපත්ව සිටි අතර, ඔවුන් වැඩි දෙනා ඇයගෙන් ලද දැනුම සිහිපත් කරමින් ඒ ශෝක පණිවුඩ තබා තිබුණි.