මීට වසර 25කට පෙර ආරම්භ කරන ලද ඇමසෝන් සමාගම, මයික්‍රොසොෆ්ට් සමාගම අභිභවමින් ලොව වඩාත් වටිනාම ලැයිස්තුගත සමාගම බවට පත්ව තිබේ.
ඊයේ (07දා) ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ දිනයේ කටයුතු අවසන් කරන විට ඇමසෝන් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.බිලියන 797ක් ලෙස සටහන් වූ අතර, මයික්‍රොසොෆ්ට් සමාගමේ එම අගය ඇ.ඩො.බිලියන 789ක් විය.
එමෙන්ම, බ්ලූම්බර්ග් ධන කුවේරයන්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට ලොව සිටින ධනවත්ම පුද්ගලයා බවට ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බේසෝස් පත්ව සිටී.
ඔහු පසුගිය වසරේදී මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේස්ට් පරයමින්, ඇ.ඩො.බිලියන 135ක පෞද්ගලික වත්කමකට හිමිකම් කියයි.