ලොව පුරා පිළිකා ඇති බවට අලුතින් හඳුනාගත් රෝගීන් මිලියන 18.1ක් සිටින බවත්, ඉන් මිලියන 9.6ක් 2018 වසර තුළ ජීවිතක්ෂයට පත්වන බවත් පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානයේ (IARC) නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ එම සංවිධානයේ නවතම වාර්තාවට අනුව 2014 වසරේදී වාර්තා වී ඇත්තේ පිළිකා රෝගීන් මිලියන 14.1කි. ඉන් මිලියන 8.2ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන් අයෙකුට හා ස්ත්‍රීන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට සිය ජීවිත කාලය තුළ පිළිකා තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව එම වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, පිළිකා රෝගීන් වැඩිපුර වාර්තා වීම ධනවත් රටවලින් වීමද විශේෂත්වයක් වන අතර, දිළිඳු රටවල එම තත්ත්වය අඩුය.
රටවල් 185ක විවිධ පිළිකා වර්ග 36ක් ගැන නිරන්තරයෙන් සිය අවධානය යොමු කරමින් එහි ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානය (IARC) නිරන්තරයෙන් වාර්තා ඉදිරිපත් කරයි.
එමෙන්ම, ඔවුන්ගේ නවතම දත්ත හා වාර්තාවට අනුව ලොව පුරා පිළිකා රෝගීන් වර්ධනයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වෙයි.
දුම්කොළ භාවිතයට මීට ප්‍රධාන හේතුවක් බව පවසන එම ආයතනය, සමස්තයක් ලෙස පිළිකා වර්ගවලින් අඩක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙන් බවද පෙන්වා දෙයි.
උදාහරණයක් ලෙස, අක්මාවේ පිළිකා හටගත් රෝගීන් විශාල ප්‍රමාණයක් ආසියානු කලාපය තුළින් වාර්තා වන බවත්, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.