කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ ලොව පුරා 5,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු වැඩිදුරටත් මෙම අදහස් පළ කළේය.
එමෙන්ම මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදිතයන් 132,000ක් ඉක්මවා වාර්තා වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්ව ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියේය.