කාන්තාවන්ගේ සාපල්‍ය අනුපාතිකය ලොව පුරා සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්නුම් කරන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම නවතම පර්යේෂණ වාර්තාවට අනුව ලොව පුරා රටවල් අඩකට වැඩි ප්‍රමාණයක රටේ ජනගහනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් දරුවන් ප්‍රමාණයක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
එමෙන්ම, මෙය බොහෝ දෙනෙකු විස්මයට පත්කළ සිදුවීමක් බවද පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ ලොව බොහෝ රටවල මුණුබුරු මිණිබිරියන්ට වඩා සීයා ආච්චි වැඩියෙන් දැකිය හැකි යුගයක් උදාවී ඇති බවද සඳහන් වෙයි.
1950 සිට 2017 දක්වා කාලය තුළ ලොව සියලුම රටවල සාඵල්‍ය අනුපාතිකය සම්බන්ධයෙන් සිදුකළ මෙම පර්යේෂණ වාර්තාව ලැන්සෙන්ට් හි පළ කර තිබේ.
ඒ අනුව, මෙම වාර්තාවට පදනම් වූ 1950 වර්ෂයේදී සාඵල්‍ය අනුපාතිකය දරුවන් 4.7ක් වුවද, පසුගිය වසර වනවිට එම අගය 2.4ක් බවට අඩුවී තිබේ.