ලෝකයේ එදාමෙදා තුර වාර්තා වූ ඉහළම දික්කසාද වන්දිය තම බිරිඳට ගෙවීමට ලොව ධනවත්ම මිනිසා වන ඇමසෝන් ප්‍රධානී ජෙෆ් බෙසෝස් එකඟත්වය පළ කර තිබේ.
මෙම වාර්තාගත දික්කසාද වන්දියේ වටිනාකම ඇ.ඩො.බිලියන 35කි. එය රු.මිලියන 6,160,000කි. ස්ථාවර මිල ගණන් යටතේ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 9,644,728ක් වන බැවින් මෙම මුදලේ වටිනාකම පිළිබඳ දළ අදහසක් ලබාගත හැකිය.
කෙසේ වෙතත්, ජෙෆ් බෙසෝස්ගේ තවත් වත්කම් ලෙස පවතින වොෂිංටන් පෝස්ට් පුවත්පත සහ බ්ලූ ඔරිජ්න් අභ්‍යවකාශ සංචාර සමාගම් පිළිබඳ අදහස් බිරිඳ මැක්කෙන්සි අත්හැර ඇති බවද වාර්ත වෙයි.
මීට පෙර කලා නිර්මාණ අලෙවි නියෝජිතයෙකු වූ ඇලෙක් වයිල්ඩන්ස්ටයින් සිය බිරිඳ වූ ජෙස්ලීන් වෙත ඇ.ඩො.බිලියන 3.8ක වන්දියක් ගෙවා තිබුණු අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම දික්කසාද වන්දිය විය.
ජෙෆ් බෙසොස් මේ ආකාරයෙන් සිය බිරිඳගෙන් දික්කසාද වීමට හිටපු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූ ලෝරන් සන්චේස් සමග පවතින අනියම් සබඳතාවයි.
තමන් මෙම වන්දිය ගෙවීමට එකඟත්වය පළ කළ බව බෙසොස් සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් තබමින් තහවුරු කර තිබුණි.