ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නිර්මාණය කළ ලොව උසම ප්‍රතිමාව ලෙස සැලකෙන සර්දාර් පටෙල් ප්‍රතිමා භූමිය අසල වූ රක්ෂිතයේ සිටින කිඹුලන් 300ක් වෙනත් ස්ථානයකට මාරු කිරීමට සැරසෙයි.
මෙම ප්‍රතිමාව නැරඹීමට පැමිණෙන නරඹන්නන් සඳහා සීප්ලේන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අරමුණින් මෙය සිදුවන බව කියැවෙයි.
මෙහි ජීවත් වන ඇතැම් කිඹුලන් මීටර් 3ක් පමණ දිගින් යුතු වන අතර, මෙසේ අල්ලා ගැනෙන කිඹුලන් යකඩ කූඩුවල දමා ගුජරාට් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ වෙත යවමින් සිටින බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාව පරිසරවේදීන් දැඩිව හෙලා දකින අතර, මෙය එම සතුන්ගේ ස්වභාවික වාසභූමි අත්පත් කරගැනීමක් බව කියයි.
මීටර් 182ක් උස මෙම ප්‍රතිමාව ඉන්දියානු හින්දූන් වීරත්වයෙන් සලකන සර්දාර් පටෙල් පිළිබිඹු කරන අතර, එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එළිදැක්වුණි.