ලයිබීර්යාවේ ජනපති ජෝර්ජ් වේ ජාත්‍යන්තර පාපන්දු ශූරයෙකු වන අතර, ඔහු අද ජනපති පදවියේ සිට පවා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන බව විදෙස් වාර්තා පවසයි.
ලයිබීරියාවේ අගනුවර මුඩුක්කු ආශ්‍රිතව සිය ජීවිතය අරඹා තිබූ ඔහු උපත ලබා තිබුණේ වර්ෂ 1966 දීය.
1987 දී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසෙන ඔහු ඒසී මිලාන්, පැරිස් සෙයින්ට්-ජර්මෙයින් සහ චෙල්සී යන ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කර ඇත.
එමෙන්ම, ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගෙන ඇති අප්‍රිකාවෙන් පැමිණි එකම ක්‍රීඩකයාද ඔහුය.
2005 වසරේදී ප්‍රථම වරට ලයිබීරියාවේ ජනපති සටනට ඔහු මුහුණ දුන්නත්, එවර එලන් ජොන්සන් සර්ලීෆ් හමුවේ ඔහු පරාජයට පත්වෙයි.
කෙසේ වෙතත්, අධ්‍යාපනයක් නොලද්දෙකු බවට ඔහුට නැගෙන චෝදනා හමුවේ ඔහු ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර ක්ෂේත්රයේ උපාධියක් හිමිකර ගනී.
කෙසේ වෙතත්, යළිත් වරක් ජනපති සටනට එන ඔහුට 2018 ජනවාරි මාසයේදී ලයිබිරීයාවේ ජනපතිවරයා ලෙස දිවුරුම් දෙයි.