ලිබියාවේ, ට්‍රිපෝලි අගනුවර ජාතික ඛණිජ තෙල් සංස්ථා මූලස්ථානය තුළට ආයුද සන්නද්ධ කණ්ඩායමක් කඩා වැදී ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවක් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පිපිරීම් කිහිපයක් තමන්ට ඇසුණු බවයි. එමෙන්ම, මේ වනවිටත් වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බවද ඔවුහු පවසති.
පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි සටන් කණ්ඩායම් වෙත අගනුවර සටන් විරාමයකට ආරාධනා කළ අතර, ඔවුන් එය පිළිගනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබන වත්මන් ලිබියානු රජය ට්‍රිපෝලි අගනුවර බලය දැරුවත්, රටේ බහුතර ප්‍රදේශවල සටන්කාමී සංවිධානවල බලය පවතින බවද සඳහන් වෙයි.