ලන්ඩන් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවූ මෝටර් රථ අනතුර සිතාමතා සිදුකළ මෝටර් රථ ප්රහාරයක් දැයි පරීක්ෂණ ආරම්භ වී තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකු පාපැදිකරුවෙකු වන අතර, අනෙක් තැනැත්තා පයින් ගමන් කළ අයෙකි.
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් වහාම ක්රියාත්මක වෙමින් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ ප්රති-ත්රස්ත ඒකකය විසින් මේ පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති අතර, මෙය ත්රස්ත ප්රහාරයක්ද යන්න පැවසීමට තවමත් කල් වැඩි බව ඔවුහු පවසති.
කෙසේ වෙතත්, සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෙම මෝටර් රථය සිතාමතාම පදිකයන් යට කරමින් සිය මෝටර් රථය ධාවනය කළ බවයි.