දකුණුදිග ලන්ඩන් නගරයේදී රියදුරන් රහිත මෝටර් රථ ගමන් කිරීමේ පරීක්ෂණ ගමන් වාරයක් අරඹා ඇති බව වාර්තා වෙයි.
ෆයිව්ඒඅයි නමැති සමාගමක් විසින් ඔවුන්ගේ ප්‍රථම රියදුරු රහිත මෝටර් රථ ගමන් වාර මේ ආකාරයෙන් පරීක්ෂාවට ලක්කරමින් සිටින අතර, ඉදිරි මාස දෙකක කාලය තුළ මෙම පරීක්ෂණ දිගින් දිගටම සිදුවනු ඇති බව ඔවුන් කියයි.
කෙසේ වෙතත්, ඔවුන් මෙම පරීක්ෂණ ගමන් වාර සිදුකරන සැතපුම් 12ක මාර්ගය සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොකිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.
ඒ අනුව, සතියකට ගමන් වාර කිහිපයක් ලෙස මෙම පරීක්ෂණයන් සිදුවනු ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය නොකිරීමට ඔවුන් වග බලාගෙන තිබුණි.
කෙසේ වෙතත්, රියදුරු අසුනේ කිසිවෙකු නොමැති වුවත්, එම රථය තුළ හදිසි අවශ්‍යතාවකදී යොදාගත හැකි රියදුරෙකු සහ තාක්ෂණික ශිල්පියෙකු රථයේ නිරන්තරයෙන් ගමන් කරන බවද එම සමාගම පවසා තිබේ.
නමුත්, සාමාන්‍ය තත්ත්වයන් යටතේ රථය ස්වයංක්‍රීයවම ධාවනය වන බවත්, පරීක්ෂණ ගමන් වාර සිදුවන අවස්ථාවලදී මෙවැනි රථ දෙකක් ගමන් කරනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.