ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්වල මිලියනයකට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් කොවිඩ්-19 හා සම්බන්ධ බව වාර්තා වී ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
සිකුරාදා වනවිට, කොවිඩ් -19 හේතුවෙන් ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් අවම වශයෙන් 1,000,071ක් මියගොස් තිබේ.
පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක කරිසා එෆ්. එටියන් සිකුරාදා කියා සිටියේ මරණ සංඛ්‍යාව ඛේදජනක සන්ධිස්ථානයක් පිළිබිඹු කරන බවය. ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු මරණ සංඛ්‍යාව පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයට අනුව සිකුරාදා වනවිට 1,001,781කි. එමෙන්ම කලාපයේ එන්නත් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ උත්සාහයන් තීව්ර කරන ලෙස ඔවුන් ලෝකයෙන් ඉල්ලා තිබේ.