ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් දඬුවම් ලෙස රඳවා තබා ගැනීමේ ක්‍රමය අවසන් කිරීමට චීනය කටයුතු කර තිබේ.
එහිදී, වසර දෙකක් දක්වා රඳවා ගැනීමට පොලීසියට බලයක් ලැබෙන අතර, ලිංගික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ සේවාදායකයින් එම කාලය තුළ වෘත්තීය මධ්‍යස්ථානවලට යොමුකර බලහත්කාරයෙන් වැඩ ගනී.
ඒ අනුව ඔවුන්ට එම මධ්‍යස්ථානවලදී සෙල්ලම් බඩු සහ ගෘහ භාණ්ඩ සෑදීමේ වෘත්තීය මධ්‍යස්ථානවල සේවය කිරීමට සිදුවෙයි.
කෙසේ වෙතත්, මෙසේ අත්අඩංගුවට පත්ව රඳවා ගැනීමේ ක්‍රමවේදය දෙසැම්බර් 29දා අවසන් කිරීමට චීනය සූදානම් වන අතර, තවමත් අත්අඩංගුවේ පසුවන අය නිදහස් කරන බවද කියයි.
කෙසේ වෙතත් චීනයේ ගණිකා වෘත්තිය නීති විරෝධී වන අතර, එය දින 15ක් දක්වා රඳවා තබා ගැනීමේද සිර දඬුවම් සහ යුවාන් 5,000ක් දක්වා දඩයකටද යටත් විය හැකිය.