රුසියානු නාවික හමුදාවට ඕනෑම සතුරෙකු හඳුනාගෙන අවශ්‍ය නම් පෙර නොවූ විරූ ප්‍රහාර දියත් කළ හැකි බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්‍රකාශ කළේය.
එක්සත් රාජධානියේ යුද නැවක් මොස්කව් පාලනය කෝපයට පත්කරමින් ක්‍රිමියා අර්ධද්වීපය පසුකර ගමන් කර සති කිහිපයකට පසුව පූටින් මෙම අනතුරු ඇඟවීම් කළේය.
සාන්ත පීටර්ස්බර්ග්හි නාවික දින පෙළපාලියකදී අදහස් දක්වමින් පුටින් පැවසුවේ "දිය යට, දිය මතුපිට හෝ ගුවනින් පැමිණෙන ඕනෑම සතුරෙකු හඳුනා ගැනීමට අපට හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් එයට එරෙහිව අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාව අප සතුයි." යනුවෙනි.