රුසියාවේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නව සැලසුම් ජනතා විරෝධය හමුවේ තරමක් ලිහිල් කිරීමට ජනපති ව්ලැඩිමීර් පූටින් කටයුතු කර තිබේ.
ජනාධිපතිවරයා මුලින් සඳහන් කර තිබුණේ විශ්‍රාම යෑමේ වයස කාන්තාවන්ට වයස අවුරුදු 55 සිට 63 දක්වා වැඩිකළ යුතු බවයි. එමෙන්ම, පුරුෂයන්ගේ මෙම වයස 65 දක්වා වැඩිකළ යුතු බව ඔහු පවසා තිබුණි.
කෙසේ වෙතත්, ජනතා විරෝධය හමුවේ පූටින් පවසා තිබුණේ කාන්තාවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා ගෙන එන බවයි. නමුදු, පුරුෂයන්ගේ එම වයස අවුරුදු 65 තුළම පවතිනු ඇත.
රූපවාහිනියෙන් ජනතාව අමතමින් පූටින් පවසා සිටියේ රට තුළ වැඩකරන වයසේ ජනතාවගේ අඩුවක් පවතින බැවින් මෙම වෙනස සිදුකිරීම අත්‍යවශ්‍ය බවයි.
විශේෂයෙන්ම, රුසියාවේ වෘත්තීය සංගම් පවසා තිබුණේ මේ ආකාරයෙන් විශ්‍රාම යෑමේ වයස කිරීමෙන්, බොහෝ පිරිසක් විශ්‍රාම වැටුපක් ගැනීමට තරම් කාලයක් ජීවත් නොවනු ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රුසියානු පුරුෂයන්ගේ ආයු අපේක්ෂාව මේ වනවිට වයස අවුරදු 66 දක්වා අඩුවී ඇති අතර, කාන්තාවන් අතර එය අවුරුදු 77කි.