රුසියාව න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ තවත් කඩඉමක් පසු කරමින්, පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් දියත් කර තිබේ.
ඒ අනුව, ආක්ටික් වරායක් වන මුර්මාන්ස්ක් සිට චුකොට්කා දක්වා වූ සැතපුම් 5000ක දුරක් මෙම න්‍යෂ්ටික බලාගාරය රැගත් නෞකාව ගමන් අරඹා ඇත.
රුසියාවේ රොස්නගෝටම් න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය පවසා සිටියේ අකඩෙමික් ලොමොනොසෝව් පාවෙන න්‍යෂ්ටික බලාගාරය දුෂ්කර ප්‍රදේශ වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමසනු ඇති බවය.
ඒ අනුව, චුකොට්කා හි චෝන් බිලිබින් රන් ආකරය වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමැසීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ. මෙය රුසියාව සතු ප්රබලතම රන් ආකරයක් ලෙස සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයේ පවතින අතිශය දුෂ්කර කාලගුණික තත්ත්වය සමග මේ ආකාරයේ පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ක්‍රියාත්මක කිරීම පාරිසරික වශයෙන් ප්‍රබල තර්ජනයක් ඇතිකළ හැකි බව ග්‍රීන්පීස් සංවිධානය අනතුරු අඟවා තිබේ.