කොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට රුසියාවේ වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5ක සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ගත වූ පැය 24 තුළ රුසියාවේ වාර්තා වූ දෛනික ආසාදිතයන් 8,951ක අගය සමග එරට සමස්ත ආසාදන 5,001,505ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවීගිය දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 2,924ක්ම මොස්කව් නුවරින් වාර්තා වී ඇත.
මීට අමතරව පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය සම්බන්ධ හේතූන් මත පුද්ගලයින් 357දෙනෙකු මියගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 118,482ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පවසයි.