රුසියාව ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
බුලාවා මිසයිලය ලෙස හැඳින්වුණු මෙම මිසයිලය රාත්රියේදී අත්හදා බලන ඡායාරූප මාධය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් මෙම මිසයිලය අත්හදා බලා තිබුණේ රුසියාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ප්‍රින්ස් ව්ලැදිමීර් සබ්මැරීනයේ සිටය.
මුහුද අභ්‍යන්තරයේ සිට වුවද මිසයිල ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මෙම සබ්මැරීනය සතු වන අතර, මෙම මිසයිලය කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරන බවද සඳහන් වෙයි.
ඒ අනුව, මෙම සුවිශේෂී මිසයිලය රැගත් සබ්මැරීනය මෙම වසර අවසානයේ සිට සිය මෙහෙයුම් අරඹන බව රුසියානු ආරක්ෂක අංශ පවසා සිටියි.