නිව්යෝක් නගරයේ යුදෙව් ධර්මාචාර්යවරයෙකු හෙවත් රබ්බි නිවසක පුද්ගලයින් පස් දෙනෙකුට පිහි ඇණුම් සිදුකළ පුද්ගලයා සතුව තිබී යුදෙව්වන් හා යුදෙව් විරෝධී සඟරා රැසක් හමුවූ බව පොලීසිය කියයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ග්‍රැෆ්ටන් තෝමස්ට එරෙහිව ෆෙඩරල් අභිචෝදකයන් විසින් වෛරී අපරාධ චෝදනා ගොනු කර තිබේ.
ඔහුගේ අන්තර්ජාල සෙවුම් ඉතිහාසයේ "හිට්ලර් යුදෙව්වන්ට වෛර කළේ ඇයි" වැනි ප්‍රශ්නද ඇතුළත් බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ග්‍රැෆ්ටන් තෝමස්ගේ නීතීඥයා විසින් තම සේවාදායකයාගේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ ඉතිහාසය පෙන්වා දුන් අතර යුදෙව් විරෝධය විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පැවසීය.
ප්‍රහාරයෙන් පසු යුදෙව් ජනයා වැඩිපුර ගැවසෙන ප්‍රදේශ අවට පොලිස් මුර සංචාර වැඩි කිරීමට කටයුතු යොදා තිබේ.