ලොවපුරා රටවල් 30ත් 40ත් අතර ප්‍රමාණයකට තම ජනගහනයට අවශ්‍ය කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග නොලැබීම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
"මේ වනවිට රටවල් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ ජනතාව වෙත දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම අත්හිටුවීමට සිදුව තිබෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානාත්මක වෙනස පිළිබඳ අධ්යක්ෂ ජනරාල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුතු COVAX වැඩසටහන හරහා බෙදා හරිනලද ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපේක්ෂා කළ බොහෝ රටවලටද මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණදීමට සිදුවිය. ඒ 2021 අප්‍රේල් මාසයේදී ඉන්දියාව තුළ වසංගතය පැතිර යාම පාලනය වෙනුවෙන් ප්‍රමුඛතාව දීමට නිෂ්පාදකයාට සිදුවීම නිසා ඒවායේ සැපයුම් සම්පූර්ණයෙන්ම අඩාල වූ බැවිනි.