මොරොක්කෝ ජාතික සුප්‍රසිද්ධ යූ ටියුබර් කෙනෙකු වූ රටේ රජුට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් වසර 4ක සිර දඬුවමකට හා ඇ.ඩො.4,000ක දඩයකට යටත්ව තිබේ.
මොහොමඩ් රජුගේ කථා විවේචනය කිරීමෙන් සහ මොරොක්කෝ ජනතාව බූරුවන් බව පැවසීමෙන් මොහොමඩ් සෙකාකි මේ මස මුලදී අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහු සැලසුම් කරයි.
අපේ‍්‍රල් මාසයේ විනිසුරුවරයෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ඕමාර් රාඩිද මොරොක්කෝවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ජනවාරි 2දා දක්වා රිමාන්ඩ් භාරයේ පසුවන බව ඔහුගේ නීතීඥවරයා පැවසීය.
මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජු 2011 අරාබි වසන්ත විරෝධතාවයෙන් පසුව තේරී පත් වූ රජයට සිය බලතල පැවරූ නමුත් විශ්ලේෂකයින් පවසන්නේ රටේ වැදගත්ම කාරණා සම්බන්ධයෙන් ඔහුට තවමත් අවසාන ප්‍රකාශය ඇති බවයි.