සුපිරි රක්ත වර්ණයකින් යුතු වෘක්ක සඳක් හෙවත් සුවිශේෂී චන්ද්ර ග්රහණයක් නැරඹීම සඳහා ආකාශ වස්තු නිරීක්ෂණ ලෝලීන් කඳවුරු බඳින බව විදෙස් වාර්තා වෙයි.
මේ අවස්ථාවේදී පෘථිවියේ ස්වභාවික පරිවාර ග්රහයා වන චන්ද්රයා අතිශය දීප්තිවත් රක්ත වර්ණයකින් දැකගැනීමට හැකිවනු ඇති බව සඳහන් වෙයි.
ග්රිනීච් වේලාවෙන් හෙට (21දා) අලුයම 2.35ට ආරම්භ වන මෙය, පෙ.ව. 7.49ට අවසන් වන අතර, මෙය පූර්ණ චන්ද්ර ග්රහණයක් ලෙස සුපිරි රතු වර්ණයකට පැමිණෙන්නේ අලුයම 5.12 ටය.
උතුරු සහ දකුණු ඇමෙරිකාවට මෙය සම්පූර්ණ චන්ද්ර ග්රහණයක් ලෙස නැරඹිය හැකි අතර, බටහිර යුරෝපයේ සහ උතුරු අප්රිකානු කලාපයේ කොටසකද මෙය පූර්ණ චන්ද්ර ග්රහණයක් ලෙස දර්ශනය වනු ඇත.
චන්ද්රයා සහ සූර්යා අතරට පෘථිවිය පැමිණ එක් රේඛාවක සිටින අවස්ථාවේදී පෘථිවියේ සෙවනැල්ල චන්ද්රයා මතට වැටීමෙන් චන්ද්ර ග්රහණයක් ඇතිවෙයි.