බේපිකලම්බෝ අභ්‍යවකාශ මෙහෙයුම හෙවත්, යුරෝපය සහ ජපානය නිර්මාණය කළ චන්ද්‍රිකා ද්විත්වයක් රැගත් ඒරියන් රොකට්ටුව සූර්යයාට ඉතා සමීප බුද ග්‍රහයා වෙත යෑමට අභ්‍යවකාශගත විය.
මෙම රොකට්ටුව උඩු ගුවනට පිවිසීම පසුගියදා දකුණු ඇමෙරිකාවේ සිට සිදුවූ අතර, මෙම රොකට්ටුවට තම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා වසර හතක කාලයක් ගතවනු ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, මෙම රොකට්ටුවට නිරුපද්‍රිතව බුද ග්‍රහයා වෙත ළඟාවූ විට එහි වූ චන්ද්‍රිකා ද්විත්වය මගින් සූර්යායට ඉතා සමීප මෙම උණුසුම් ග්‍රහයා පිළිබඳ ප්‍රහේලිකා රැසකට විසඳුම් සපයනු ඇති බව විද්‍යාඥයෝ පවසති.
මෙම ග්‍රහයාගේ පවතින්නේ යැයි සැලකෙන පුළුල් ඝන අරය, විශේෂයෙන් සමස්ත ග්‍රහලෝකයෙන් 60%ක් පමණ වන මෙම අරය පිළිබඳ විද්‍යාඥයන් මෙතෙක් නොදත් කරුණු අනාවරණය කරගැනීමද මෙහි අරමුණක් වෙයි.
බේපිකලම්බෝ මෙහෙයුම මගින් සිදුවන අධි තීව්රතාවයෙන් යුතු දත්ත මේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සපයනු ඇති බවද විද්‍යාඥයෝ පවසති.