නව කොරෝනා වෛරසයේ දරුණුම පැතිරීම යුරෝපයේ ඉතාලිය ආශ්රිතව වාර්තා වීමත් සමග වැනීසියේ පැවැත්වෙන සුප්රසිද්ධ වැනීස් සැනකෙළිය දින කිහිපයකට පමණක් සීමා කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
වෙනීටෝ පළාතේ බලධාරීන් සඳහන් කළේ එය අවසන් වීමට දින දෙකක් තිබියදී එය අවසන් කිරීමට තීරණය කළ බවයි.
යුරෝපය තුළ කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් හමුවන රට බවට මේ වනවිට ඉතාලිය පත්ව ඇති අතර, එරටින් ආසාදිතයන් 152 දෙනෙකු වාර්තා වෙයි.
උතුරුදිග ඉතාලියේ නගර දෙකක පුද්ගලයන් තිදෙනෙකු මියයෑමත් සමග එම නගරවල දැඩි නිරෝධායන ක්රියාමාර්ග ආරම්භ කිරීමට ඉතාලි රජය කටයුතු කර තිබේ.
මේ නිසා වෙනිටෝ සහ ලොම්බාර්ඩි යන නගරවල ජීවත් වන පුද්ගලයන් 50,000කට පමණ ඉදිරි සති දෙකක කාලය තුළ නිවෙස් තුළම රැඳී සිටීමට උපදෙස් ලබාදි ඇත.
මේ නිසා එරට ප්රකට පාපන්දු ක්රීඩා තරගාවලියක්ද අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.