යූටියුබ් සමාජ ජාල වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය පැය කිහිපයකට බිඳ වැටීම සම්බන්ධයෙන් සමාගම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තරකයක් සිදුකර නොමැති යූටියුබ් සමාගම විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ 'පුළුල් ප්‍රශ්නයක්' නිරාකරණය කළ බව පමණි.
යූටියුබ්, යූටියුබ් TV සහ යූටියුබ් Music යන අඩවි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමත් සමග මෙම අර්බුදය හටගත් අතර, පසුව පැය දෙකක පමණ කාලයක් බිඳ වැටුණු මෙම වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත්ව ඇති බව කියැවේ.
යූටියුබ් වෙබ් අඩවිය වෙත මිනිත්තුවකට පැය 400ක වීඩියෝ මුදාහරින අතර, ලොව ප්රමුඛ පෙළෙහි සෙවුම් යන්ත්‍ර අතරින් එය දෙවැනි වන්නේ ගූගල් අඩවියට පමණි.