යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමේදී කිසිදු දේශපාලන අත්දැකීමක් නැති හාස්යෝත්පාදකයෙකු ඉදිරියට පැමිණ තිබේ.
මේ වනවිට ඡන්ද ප්‍රතිඵලවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ගණන් කර ඇති අතර, වොලොඩිමයිර් සෙලෙන්ස්කි ඉදිරියෙන් සිටින්නේ 30%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
කෙසේ වෙතත්, යුක්රේනයේ වත්මන් ජනපති පෙට්රෝ පොරොෂෙන්කෝ වෙත හිමිව ඇත්තේ 16%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
එමෙන්ම, එරට හිටපු අගමැතිනියක වන යූලියා ටයිමොෂෙන්කෝ දැඩි පසුබෑමක් පෙන්වා ඇති බවද වාර්තා වෙයි.
මෙම ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් දැඩි සතුටකට පත්ව සිටියත්, මෙය අවසානය නොවන බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි පවසා තිබේ.