නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක රුසියාවේ සහාය ලබන බෙදුම්වාදී කැරලි නායකයෙකු ඩොනෙට්ස්ක් නගරයේ අවන්හලක් තුළ සිදුවී පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇලෙක්සැන්ඩර් සකාරචෙන්කෝ යනුවෙන් හඳුනාගෙන ඇති මොහු ඩොනෙට්ස්ක් පීපල්ස් රිපබ්ලික් පක්ෂයේ නායකයා ලෙස සැලකෙයි.
රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙය යුක්රේය විසින් සැලසුම් කර සිදුකළ ප්‍රහාරයක් විය හැකි බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව යුක්රේන රජය පවසයි.
කෙසේ වෙතත්, මීට පෙර ඩොනෙට්ස්ක් හි කැරලි නායකයන්ගේ මරණ කිහිපයක්ම සිදුවූ අතර, එය ඔවුනොවුන් අතර බලඅරගලය හේතුවෙන් සිදුවූ මරණ බවටද විශ්වාස කෙරෙයි.
එමෙන්ම, සීමාව ඉක්මවා යන කැරලි නායකයන් මැඬපැවැත්වීමට මෙය මොස්කව් පාලනය විසින්ම සිදුකරන ක්‍රියාවන් ලෙසටද අදහස් පවතී.