මහා බ්‍රිතාන්‍යයේ එසෙක්ස් හි ශීතකළ ලොරි රථයක තිබී මළ සිරුරු 39ක් හමුවීමේ සිද්ධියට සැකපිට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.
මෝ රොබින්සන් නමැති 25 හැවිරිදි රියදුරු එසේක්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධිය පිටුපස අපරාධ කල්ලියක් සිටින බව පොලීසිය සැක කරයි.
බෙල්ජියමේ සිට මෙම ශීතකළ කන්ටේනර් පෙට්ටිය පැමිණ ඇති බව හඳුනාගෙන ඇති අතර, වෝටර්ග්ලේඩ් කර්මාන්ත උද්‍යානයේ තිබියදී ගිලන් රථ සේවකයන් විසින් මෙම මළ සිරුරු මුලින්ම සොයාගෙන තිබුණි.
බෙල්ජියමද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර, සිද්ධිය සම්බන්ධ හෝඩුවාවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද කියයි.