ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙරළ තීරයේ ගිලෙමින් සිටි කැංගරුවෙකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් බේරාගෙන තිබේ.
ක්‍රිස්ටෝෆර් රූසෝ සහ කර්බි ටොන්කින් යන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අසරණ සත්වයා බේරාගන්නා විට එම සත්වයා සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවී ඇති අතර, පසුව හදිසි ප්‍රතිකාර ලබාදෙමින් ශරීරගත වූ ජලය ඉවත්කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, දකුණුදිග මෙල්බර්න් නුවරදී මෙසේ දියේ ගිලුණු කැංගරුවා මේ වනවිට සුවය ලබමින් සිටින බව එම සත්වයාට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරු පවසති.
මුලින්ම වෙරළේ එහා මෙහා දුවමින් සිට ඇති මෙම සත්වයා එකරවම රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගිය බවත්, පසුව වෙරළේ සිටි අයෙකු පොලීසියට ඇමතූ පසු පොලීසිය පැමිණ මෙම සත්වයා බේරාගැනීමට කටයුතු කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.