කෙනත් සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ මොසැම්බික් රාජ්‍යයේ උතුරු කොටසේ මියගිය පිරිස 38 දක්වා ඉහළ ගොස් තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වූ ප්‍රදේශය ලෙස මෙය සැලකෙන අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවද බලධාරීහු පවසති.
පැයට කිලෝමීටර් 220ක වේගයෙන් හමාගිය සුළං බොහෝ ගම්මාන උඩු යටිකුරු කර ඇති අතර, නිවාස දහස් ගණනකට හානි කර තිබේ.
මේ වනවිට සුළි කුණාටුවේ සුළං වේගය තරමක් පහව ගොස් තිබුණත්, ඒ සමග ඇති වන ප්‍රබල වැසි තත්ත්වය තවදුරටත් පවතී.
එමෙන්ම, කලාපයේ ගුවන් ගමන් මේ වනවිට නවත්වා ඇති අතර, විපතට පත්වූවන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව මොසැම්බික් බලධාරීහු පවසති.