මොසැම්බික් රාජ්‍යයට බලපෑ ප්‍රබල ඉඩායි සුළි කුණාටුවෙන් පසුව ජනතාවට සහන සැලසීම සඳහා ඒ වෙත ගමන් කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වී තිබේ.
එරට සිටින රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දෙන්නේ බොහෝ ජනතාව මෙම සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් නිවාස වහල උඩ හෝ ගස් මුදුන්වල තවමත් කොටුවී සිටින බවයි.
එරට වරාය නගරයක්වූ බෙයිරා හි ගංවතුර බැස යන අතර, ඒ වෙත මේ වනවිට සහන කණ්ඩායම් ළඟා වී ඇති බවත්, ඔවුන් තවත් දින කිහිපයකින් එහි සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු අවසන් කරනු ඇති බවත් කියැවෙයි.
මේ වනවිට මෙම සුළි කුණාටුව සහ පසුව ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 300ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් සඳහන් වුවත්, මියගිය පිරිස 1,000 ඉක්මවනු ඇති බවද කියැවෙයි.
ආහාර හා පිරිසිදු පානීය ජලය නොමැතිවීම නිසා ආසාධන තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙයි.
මෙම ප්‍රබල සුළි කුණාටුව බෙයිරා නගරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා මොසැම්බික් රාජ්‍ය වෙත ඇතුළු වූ අතර, එම අවස්ථාවේදී පැයට කිලෝමීටර් 177ක පමණ වේගවත් සුළං දහරාවක් මෙම කුණාටුව ඇති කර තිබුණි.