මැසිඩෝනියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ග්රීසිය ඇති කරගත් එකඟතාව හේතුවෙන් එරට අගමැති ඇලෙක්සි ස්ප්රාස්ට එරෙහිව විරුද්ධ පක්ෂය ගෙනා විශ්වාසභංගය පරාජයට පත්ව තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ලෙස සැලකෙන එරට ප්රධාන විරුද්ධ පක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂය ඡන්ද 127ක් ලැබෙන විට එයට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම ඡන්ද ප්රතිඵලයත් සමග ග්රීසියත් මැසිඩෝනියාවත් අතර වසර 25කට අධික කාලයක් පැවති මතභේදකාරී තත්ත්වය නිමා කරමින් උතුරුදිග මැසිඩෝනියාව ජනරජය ලෙස මැසිඩෝනියාවේ නම වෙනස් කිරීමේ ලියවිල්ලට අත්සන් කිරීම සිදුවනු ඇත.
සිප්රාස් සහ මැසිඩෝනියා නායක සොරාන් සඒව් මීට අදාළ එකඟතාවක සිටියත් ග්රීසියේ විරුද්ධ පක්ෂ එයට එරෙහිව සිටියේය.