රුසියාවේ පාලක එක්සත් රුසියානු පක්ෂය පසුගිය ඉරිදා මොස්කව් නගර පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්ව ඇති බව සමස්ත ප්රතිඵලවලින් පෙන්නුම් කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි 45 දෙනෙකුගෙන් යුතු පාර්ලිමේන්තු ආසනවලින් තුනෙන් එකක් මෙවර පක්ෂයට අහිමි වුවද, බහුතරය ආරක්ෂා කරගැනීම සඳහා ආසන 26ක් රඳවා ගැනීමට ඔවුන් සමත්ව ඇත.
බොහෝ විපක්ෂ අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය ප්රතික්ෂේප වීම නිසා, කොමියුනිස්ට්වාදීන්, ස්වාධීන අපේක්ෂකයන් සහ වෙනත් පිරිස් ආසන දිනාගෙන තිබේ.
කෙසේ වෙතත්, මැතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයන් බැහැර කිරීම මහජන විරෝධතා අවුලුවාලීමට හේතු වී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.