රුසියාවේ අගනුවර වන මොස්කව් හි දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ තවදුරටත් ඉහළ යාමක් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ මොස්කව් නුවර දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 9,120ක් වාර්තා වී ඇත.
සමස්තයක් ලෙස රුසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 17,906කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළ මරණ 466ක්ද වාර්තා කර ඇති බව රුසියානු කොරෝනා වෛරස කාර්ය සාධක බලකායේ දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාවෙන් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය රුසියාවෙන් වාර්තා වී ඇති අතර, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය එරට ආසාදන ඉහළ දැමීමට හේතුව බව විශ්වාස කෙරෙයි.