1MDB නමැති ස්වෛරී අරමුදලකින් ඇ.ඩො.681ක මුදලක් යටිමඩි ගැසූ බවට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට චෝදනා 7ක් ගොනුවී තිබේ.
ඔහුට එරෙහි නඩු විභාගයේදී හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් කියා සිටියේ නජීබ් සියලු චෝදනාවලට නිර්දෝෂී බවයි.
මෙම1MDB අරමුදල ගොඩනගා තිබුණේ, මූලෝපාය ආයෝජනයන් තුළින මැලේසියානු ආර්ථිකය ඉහළ නැංවීම සඳහාය.
ඒ අනුව, රටේ ආර්ථිකය නැංවීමට පසෙක දමා ඇති හිටපු අගමැතිවරයා මෙම අරමුදලේ මුදල් සුපිරි දිවියක් ගත කිරීමටත්, හොලිවුඩ් චිත්රපටයක් නිෂ්පාදනය සඳහාත්, අධි සුඛෝපභෝගී යාත්රාවක් මිලදී ගැනීමටත් වැයකර ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, නඩු විභාගයට සඳහා පැමිණි හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් නජීබ් දිගුකල් දිනේවා යනුවෙන් කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා පවසයි.