කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මැලේසියානු රජය ජුනි 28දා දක්වා අගුලු දැමීමේ පියවර දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකොබ් පැවසීය.
"මේ තීරණය ගනු ලැබුවේ දිනකට 5,000කට වඩා වැඩි දෛනික රෝගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. පසුගිය බ්‍රහස්පතින්දා වනවිට එරට දෛනික ආසාදිතයන් 6,871ක් දක්වා ඉහළ ගියා" ඉස්මයිල් සබ්රි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් තහනම් කරමින් රටපුරා අගුලු දමා ඇති අතර එය ජුනි 01දා සිට ක්‍රියාත්මක වේ.
මැලේසියාවේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සිකුරාදා 646,411ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නව ආසාදිතයන් 6,849ක් එදින වාර්තා වී තිබුණි. එරට මරණ සංඛ්‍යාව 3,768කි.