මැලේසියානු අගමැති මහතීර් මොහමඩ් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරදීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමතිය පළ කර තිබේ.
94 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ මෙම හදිසි ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහුගේ අනුප්රාප්තිකයා වන අන්වර් ඉබ්රාහිම් නොමැතිව නව සන්ධානයක් ඇතිකර ගත හැකි බවට පැතිර යන කටකතා මැදය. ඔහු ලොව බලයේ සිටින වයස්ගතම අගමැතිවරයා බවට පත්වූයේ 2018 වසරේදීය.
රජයේ අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එවක මැලේසියානු අගමැති නජිබ් රසාක් බලයෙන් නෙරපා හරිමින් දැවැන්ත ජයග්රහණයක් ලැබූ මහතීර්, ඊයේ (24දා) එරට වේලාවෙන් ප.ව. 1.00 සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකළ බව අගමැති කාර්යාලය පවසා තිබුණි. ඒ අනුව මැලේසියාවේ මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර, එසේ නොමැති වුවහොත් නව මැතිවරණයක් කැඳවනු ඇතිද යන්නද පැහැදිලි නැත.