තිරගත වීමට නියමිත මලයාලම් චිත්‍රපටයක ප්‍රධාන රංගන ශිල්පිනිය ඉඟිපාමින් සිදුකරන රංගනය ඉස්ලාම් දහමට අවමන් කිරීමක් බවට ගොනුකළ නඩුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ.
එම චිත්‍රපටයේ ප්‍රියා ප්‍රකාශ් වරියර් රඟන ගීතයක මෙම ඉඟිපෑම් සහිත කොටස සමාජජාල තුළ කැලඹීමට පත්වීමත් සමග මෙසේ නඩු පැවරීමක් සිදුකර ඇත.
එමෙන්ම, නබි තුමාගේ බිරිඳ ගැන සඳහන් වන පූජනීය ගීතයක් චිත්‍රපටයට යොදාගැනීමත්, ඉඟිපෑම් ඉස්ලාම් දහමට අවමන් කිරීමක් බවත් පවසමින් අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත්කර ගැනීමට මෙසේ නඩු පවරා තිබුණි.
කෙසේ වෙත, මීට එරෙහිව ප්‍රියා ඉහළ අධිකරණයකට පෙත්සමක් ගොනුකර ඇති අතර, නඩුව විභාගයට ගත් විනිසුරුවරයා පවසා සිටියේ පැමිණිලිකරුවන් ගීතය වැරදියට වටහාගෙන ඇති බවය.
එහිදී, විනිසුරුවරයා මෙම නඩුව නිශ්ප්‍රභ කරමින් පවසා තිබුණේ කරන්නට වෙනත් වැඩක් නැති නිසා මෙම නඩුව පවරා ඇති බවය.
පාසල් වියේ ප්‍රේමයක් තේමා කරගත් 'ඔරු ආදර් ලව්' නමැති මලයාලම් චිත්‍රපටයේ මෙම දසුන් ඇතුළත් අතර, නඩුව හේතුවෙන් චිත්‍රපටය එළිදැක්වීම යම් ප්‍රමාදයක් වුවද, මේ වනවිට තීන්දුව ප්‍රකාශයට පත්ව ඇති නිසා මෙම මස චිත්‍රපටය එළිදැක්වෙන බව එහි නිෂ්පාදකයෝ පවසති.