ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා සැලසුම් දියත් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය නිවේදනය කරයි.
අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි යොදා ගනිමින් ජනතාව බොහෝ සේ ගැවසෙන ප්‍රදේශවලදී හැකිතාක් මිනිසුන් ඝාතනය කිරීම ඔවුන්ගේ සැලසුම වූ බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස් අතර වයස අවුරුදු 21, 26 සහ 30 යන වයස් කාණ්ඩවල ත්‍රස්ත ක්‍රියාකාරීන් සිටි බවත්, ඔවුන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ අය බවත් ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ජනතාවට මේ වනවිට අවදානමක් නොමැති බවද ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු අවධාරණය කරයි.
මෙම ත්‍රස්ත ක්‍රියාකාරීන් තම ප්‍රහාරය සඳහා නිශ්චිත ස්ථානයක් යොදාගෙන නොතිබුණත්, පසුගිය දිනවල ජනතාව වැඩිපුර රැස්වන ස්ථාන සම්බන්ධයෙන් අවධානයෙන් පසුව ඇති බවද සඳහන් විය.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ජනතාව තවදුරටත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය වඩාත් දැඩි ස්ථාවරයක පසුවන බව පවසන බලධාරීන්, මේ වනවිට ඔවුන් මුහුණදෙන මෙම ත්‍රස්ත අවදානම සම්බන්ධයෙන් ජනතාවද මීට වඩා සැලකිලිමත් විය යුතු බවද අවධාරණය කරයි.