රෝහින්ග්‍යා අර්බුදය වාර්තා කිරීම සම්බන්ධයෙන් මියන්මාර් බලධාරීන් විසින් බන්ධනාගාරගත කළ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා ජනපති සමාවක් යටතේ නිදහස ලබා තිබේ.
33 හැවිරිදි වා ලෝන් සහ 29 හැවිරිදි ක්යෝ සෝ ඌ නම් මාධ්‍යවේදීන් දෙදෙනා දින 500කට වැඩි කාලයක් යැන්ගුන් නගර සීමාවේ බන්ධනාගාරයක රඳවා තැබුණි.
මියන්මාර් නිල රහස්‍ය පනත යටතේ ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට මාධ්‍යවේදීන් දෙදෙනා වරදකරුවන් යැයි පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ තීන්දු කෙරුණ අතර, ඒ අනුව ඔවුන්ට වසර 7ක සිර දඬුවමක් නියම කර තිබුණි.
කෙසේ වෙතත්, මියන්මාර නව වසර සමග සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කිරීම සෑම වසරකම සිදුවන අතර, ඒ යටතේ මාධ්‍යවේදීන් දෙදෙනාටද නිදහස හිමිව ඇති බව වාර්තා වෙයි.
නිදහස ලැබ බන්ධන්ගාරයෙන් පිටව යද්දී වා ලෝන් පවසා සිටියේ, රොයිටර් ආයතනයේ සේවය කිරීමට යළි අවස්ථාව උදාවීම තමාට අදහා ගත නොහැකි බවය.
මෙම රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාරය ක්‍රියාකළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය එදා සිටම කිඹුල් කඳුළු හෙලූ බව සැබෑවකි.
කෙසේ වෙතත්, රට තුළ උද්ගත වෙමින් පැවති අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මියන්මාරය ක්රියාකිරීමක් විනා එය ජාත්‍යන්තරයේ බොහෝ මාධ්‍ය පවසන ආකාරයේ ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීමක් නොවන බව බොහෝ ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.