ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක් වන පද්මා ලක්ෂ්මී තමන් වයස අවුරුදු 16දී අතවරයට පත්වූ සිදුවීම රහසක් ලෙස තබා ගත්තේ ඇයිද යන්න හෙළි කර තිබේ.
මේ වනවිට 48 වැනි වියෙහි පසුවන ලක්ෂ්මී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ එක් නව අවුරුදු උදාව සිදුවන රාත්‍රියක සිය පෙම්වතා අතින්ම තමන් දූෂණය වූ බවයි.
කෙසේ වෙතත්, මෙසේ අතවරයට ලක්වීම තමාගේද වරදින් සිදුවූවක් යන හැඟීම නිසා මේ සිදුවීම ගැන මෙතෙක් මුණිවත රැකීමට කටයුතු කළ බවත් ඇය සඳහන් කර තිබේ.
එමෙන්ම, මෙවැනි අතවරයන්ට ලක්වූ කාන්තාවන් තමන් මුහුණදෙන එවැනි අප්‍රසන්න හැඟීම් යටපත් කරගෙන ජීවත් වන්නේ ඇයිද යන්න තමාට හොඳින්ම දැනෙන බවත් ඇය අවධාරණය කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් තේරීමේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරීම් විවේචනයට බඳුන්වන අවස්ථාවක මෙම කතාව ඊට ඈඳී යයි.
විශේෂයෙන්ම මෑතකදී ට්‍රම්ප් විසින් නම් කළ විනිසුරු බ්‍රෙට් කැවනාහ් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අතවර චෝදනා ඉදිරිපත් කර තිබේ.
වර්ෂ 1980 දක්වා දිවෙන මෙම සිදුවීම් සම්බන්ධයෙන් විනිසුරු කැවනාහ් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර, ඔහුට චෝදනා කරන එක් වින්ඳිතයෙකු වන ක්‍රිස්ටීන් බ්ලෑසි ෆෝඩ් මෙම සතියේ ඇමෙරිකානු සෙනට් මණ්ඩල කමිටුවක් ඉදිරියේ සාක්ෂි සැපයීමට සූදානමින් සිටියි.