නයිජීරියානු ජනපති මුහම්මදු බුහාරි මියගිය බවත්, ඒ වෙනුවට ඔහුගේ පෙනුමට සමාන අයෙකු ජනපති පුටුවේ කටයුතු කිරීමට සලස්වා ඇති බවට පැතිරෙන කටකතාවල සත්‍යතාවක් නොමැති බවත් බුහාරි අවධාරණය කරයි.
"ඇතැම් අය කියන්නේ බුහාරි ක්ලෝනීකරණයට ලක්කර ඇති බවයි. නමුත්, මේ සැබෑම බුහාරි. මම ඒ ගැන ඔබට සහතික වෙනවා." යැයි ජනාධිපතිවරයා පවසයි.
2015 වසරේ සිට අසනීප තත්ත්වයේ පසුවූ බුහාරි, එලැඹෙන වසරේ පෙබරවාරි මාස පැවැත්වීමට නියමිත නයිජීරියානු ජනාධිපතිවරණය වෙනුවෙන් යළිත් වරක් තරග කිරීමට සූදානම් පරිසරයක මෙම කටකතා පැතිර යන බව විදෙස් වාර්තා පවසයි.
2017 වසරේදී ඔහු මාස තුනක කාලයක් වෛද්‍ය නිවාඩු ලබාගනිමින් බ්‍රිතාන්‍යයට ගොස් ප්‍රතිකාර ලබාගත් අතර, පසුව යළි සිය රටට පැමිණ ඔහු කියා තිබුණේ තමන් ඒ තරම් අසාධ්‍ය තත්ත්වයකට මීට පෙර පත්වී නොතිබුණු බවයි. කෙසේ වෙතත්, තමන්ට වැලඳුණු රෝගාබාධයන් සම්බන්ධයෙන් ඔහු හෝ ජනපති කාර්යාලය විසින් කිසිදු හෙළිදරව්වක් නොකර තිබුණි.