ඉන්දියානු කාන්තාවන් සිව්දෙනෙකු සහ මාස 18ක් වයසැති කුඩා බිලිඳෙකු මරාදැමීමේ චෝදනා ලද ඉන්දීය ජාතික පූජකයෙකු ඇතුළු තවත් 14 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පනවා තිබේ.
හර්යානා ප්‍රාන්තයේ අධිකරණය විසින් රාම්පාල් නමැති මෙම පූජකවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර, ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවත් අධිකරණය හමුවේ ඔප්පු විය.
මෙම මියගිය පුද්ගලයන් කාමරයක් තුළ සිරකර තිබියදී ඔවුන් හුස්ම හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.
මෙම පූජකවරයා තමාගේම දහමක් ප්‍රකාශ කළ අයෙකු ලෙස ප්‍රකට අතර, ඔහු වටා අනුගාමිකයන් දස දහස් ගණනක් සිටි බවද කියැවෙයි.
ඔහුට විරුද්ධ අධිකරණ තීන්දුව ලබාදෙන අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තරකර තිබූ බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව රාම්පාල්ගේ නීතීඥයෝ පවසති.