මහා බ්‍රිතාන්‍යයේ, මැන්චෙස්ටර් නුවර, වික්ටෝරියා දුම්රිය ස්ථානය අසල සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ පවසයි.
නව අවුරුදු උදාව සිදුවන රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයට සම්බන්ධ සිද්ධියේදී සාමාන්‍ය සිවිල් වැසියන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 25ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ෂණ ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරය එල්ල වූ ආසන්නයේ තිබියදී පිහි දෙකක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර, මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට ආරක්ෂක අංශ ජනතාවට අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත.