වෙනිසියුලානු හමුදාව අත්හැර කොලොම්බියාවට පළා යන ආරක්ෂක අංශ සාමාජිකයන් මදුරෝ පාලනය යටතේ සිය ඥාතීන්ගේ ආරක්ෂාව ගැන බිය පළ කර තිබේ.
බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් එසේ පළා ආ 23 හැවිරිදි හමුදා සාමාජිකයෙකු පවසා තිබුණේ, ජනපතිවරයාට පක්ෂපාතී හමුදාව ඔහුගේ පවුලේ ඥාතීන්ට අනතුරක් කරාවිද යන බිය තමා තුළ පවතින බවයි.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී මදුරෝ පාලනයෙන් ඉවත්වීමට තීරණය කිරීම තමා ගත් හොඳම තීරණය බව ඔහු කියයි.
මේ වනවිට එරට හමුදාවේ සාමාජිකයන් 100කට වැඩි පිරිසක් පළාගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩිදෙනා පසුගිය සෙනසුරාදා සිවිල් වැසියන් හා ආරක්ෂක අංශ සමග සිදුවූ ගැටුම්වලදී මෙසේ පළාගොස් ඇත.
විශේෂයෙන්ම, රට තුළට ඇදෙන විදෙස් ආධාර තොග වැළැක්වීම සඳහා මදුරෝ ආරක්ෂක හමුදා යොදාගැනීමත් සමග කෝපයට පත් ජනතාව හා හමුදා අතර ගැටුම් උත්සන්න වී තිබේ.
ජනපති මදුරෝ පවසන්නේ බටහිරින් පැමිණෙන ආධාර, රට ආක්රමණය කිරීමේ උපක්රමයක් බවයි.