මැදපෙරදිග ඉරානය ඇතුළු රාජ්‍යයන් රැසක මේ වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යන බවත්, ඉරානයේ වෛරසය ආසාදනය වූවන් 141දෙනෙකු අතරින් 22දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වර්තා පවසයි.
මේ අතර කුවේටයේ ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වන අතර, ඔවුන් සියලු දෙනා ඉරානයේ සංචාරය කර පැමිණි අය බව කියයි.
බහරේන් රාජ්‍යයයෙන් ආසාදිතයන් 33 දෙනෙකු වාර්තා වන අතර, ඉරාකය සහ ලෙබනනය යන රාජ්‍යයන්හි සිට පැමිණෙන සංචාරද එරට තහනම් කර තිබේ.
ඉරාකයෙන් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා නවන අතර, අවසන් වරට වාර්තා වූ පුද්ගලයා ඉරානයේ සංචාරය කර පැමිණි අයෙකු බව කියයි.
ලෙබනන් සෞඛ්‍ය බලධාරීන්ට අනුව එරට දෙවැනි කොරෝනා රෝගියාද වාර්තා වන අතර, ඔහුද ඉරානයේ සංචාරය කර පැමිණි අයෙකි.