මහා බ්‍රිතාන්‍යයට තවදුටත් වර්ෂාධික කාලගුණික තත්ත්වයක් බලපවත්වන බවත්, පසුගිය දින කිහිපයේදී පිටාර මට්ටමේ පැවති තේම්ස් ගංගාව මේ වනවිට පිටාර ගලමින් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත් එරටින් වාර්තා වෙයි.
බර්ක්ෂෙයර් හා සරේ ආශ්‍රිතව දරුණු ගණයේ ගංවතුර අනතුරු ඇඟවීම් 14ක් සිදුකළ බව කියැවෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ පවතින ගංවතුර තත්ත්වය මහා බ්‍රිතාන්‍යයට විශාල අභියෝගයක් බවයි.
ගංවතුරට මැදිව විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා දකුණුදිග එංගලන්තයේ පමණක් 1,600 ක පමණ හමුදාවක් සූදානමින් තබා ඇති බවත් එරටින් වාර්තා වෙයි.