අභාවප්‍රාප්ත සටන් කලා තරුවක් වූ බෘස්ලිගේ රුව භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණියට අයත් සමාගමක් විසින් විසින් ප්‍රිය චීන ක්ෂණික ආහාර දාමයකට එරෙහිව නඩු පවරා තිබේ.
රියල් කුංෆු සිය ලාංඡනයේ ඇති රූපය අවසරයකින් තොරව භාවිත කර ඇති බවට ෂැනන් ලීගේ බෘස් ලී එන්ටර්ප්‍රයිසස් චෝදනා කරයි.
නඩුව පරා ඇත්තේ ක්ෂණික ආහාර දාමය වහාම රූපය ඉවත් කළ යුතු බවටත්, වන්දි වශයෙන් ඩොලර් මිලියන 30ක් අපේක්ෂා කරන බවටත්ය.
අවන්හල තර්ක කරන්නේ එහි ලාංඡනය භාවිත කිරීමට පළාත් පාලන ආයතන අනුමත කළ බවයි. සටන් කලාවෙහි අඳුරු හිසකෙස් ඇති මිනිසෙකු රූපයේ දැක්වෙන අතර, එය බෘස්ලීම යැයි තර්ක කිරීමටද අවස්ථාවක් නැත.
“රියල් කුංෆු දාමයේ ලාංඡනය ජාතික වෙළඳ ලකුණු ඒජන්සිය විසින් දැඩි පරීක්ෂාවකින් පසුව සමාගම විසින් ඉල්ලුම් කර ලබාගෙන තිබෙනවා. අපි දැනටමත් මෙය වසර 15ක් පුරා භාවිත කර තිබෙනවා” යනුවෙන් සමාගම චීනයේ වීබෝ සමාජ ජාලයේ පළ කළ නිවේදනයක දැක්වේ.
"වසර ගණනාවකට පසු අපට දැන් නඩු පවරන්නට කටයුතු කිරීම පිළිගත නොහැකියි. මේ වන විට අපි නඩුව ශක්තිමත්ව අධ්‍යයනය කරමින් අපගේ ප්‍රතිචාරය සූදානම් කරමින් සිටිනවා." එම සමාගම වැඩිදුරටත් පවසා ඇත.